• Eka Aththa Adarayak - එක ඇත්ත ආදරයක්

තහනම් වචනයක් 


"මම මේ බොහොම පරණ සිද්ධියක් ඇදලා ගන්නේ. අවුරුදු විස්සක් විතර පරණ."


කාලයේ දිග ඈට අඟවන්න වගේ ඔහු මදක් නිහඬ වුණා. හෝඩුවාවක් නැතුවත් ඒ අවුරුදු විස්සක අතීතය දිගේ නන්දිතා හෙමිහිට ඇවිදගෙන ගියා. 


"මිසිස් නන්දිතා දන්නවා නේ මොරටුවේ සුපෙම් ළමා නිවාසේ."


එක්වරමා සියුම් හිරියක් නන්දිතාගේ කොඳු නාරටිය දිගේ ඇදී ගියා. අගේ සිරුර කෙළින් වුණා. ඊළඟට රිසීවරය අල්ලාගෙන හිටිය දකුණු අතත් එවැනිම සියුම් වෙව්ලුමකින් සසල වුණා. වේ වෙව්ලුම ක්‍රමයෙන් සිරුරේ අනෙක් අවයවවලටත් පැතිරෙන බව දැනුණාම නන්දිතා රිසීවරය තදින් හිරකරගේනම් පුටුව උඩට වැටුනා.


තාත්තලයි දූලයි 


"මගේ අතින් වැරදි වෙන්නැති. උඹ මගෙත් එක්ක කතා නොකෙරුවාට මං උඹේ අම්මව ලෙඩ ඇඳේ තියාගෙන අවුරුදු දෙකක්ම බලා ගත්තා. සාත්තු සප්පායම් කෙරුවා. එක මතක තියාගනින්." අන්තිම මොහොතේ උත්පලී ගෙදරීන් යනකොට මං කිව්වේ එච්චරයි. ඒක අපේ අවසන් මුණගැහීම කියලා අදහසක් නැතුව නෙවෙයි මං එහෙම කිව්වේ. දෝණි නිශ්ශබ්දව අහගෙන හිටිය වගේ පෙනුණට මගේ මූණ දිහා බැලුවේ නෑ. මං උඹට සමාව දෙන්න බැරි තරමේ වැරැදි කළා කිව්වා නං ඈ ආපහු හැරිලා බලන්නත් තිබුණා. ඒක මේ දැන් උණු උණුවෙම හිතට ආව අදහසක්. ඒ වුණාට හිතේ තිබ්බ තරහට මං උත්පලී ගැන හොයලා බැලුවෙම නෑ .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha